ප්‍රොෆෙසර් හබී

ඇය නමින් නම්දි පහන්‍යා ඒකනායකයි.සරත් ඒකනායක හා චාරුනී ඒකනායකයන්ගේ දෙටු දියනියයි.අහන්‍යා සෙව්මිනි ඒකනායක ඔව්න්ගේ වැඩිමහල් දියනියයි.නම්දි තවමත් 23වන වියේ පසුවන හුරුබුහුටි යුවතියක් වූවාය.සිය පවුලේ සිගිත්තිය වූ ඇය හැදී වැඩුනේ සියලු දෙනාගේම ආදරය හා හුරතලය මද්‍යයේය. සිය වැඩිමහල් දියනිය විවාහපත් වූවේ තම බිරිදගේ වැඩිමහල් සොයුරාගේ වැඩිමහල් පුත්‍රයා සමග වන විට සරත් සැරසෙනුයේ ඔහුගේ අවසන් කැමැත්ත ලෙස තම දෙටු දියනියවත් ඔවුන්ගේ දෙටු පුත්‍රයා හට විවාහ කර දීමටයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 චූටි පුතා……ඔයා මොකක්ද හිතුවේ අපි කියපු දේ ගැන…….

ප්‍රොෆෙසර් හබී – හයවන කොටස

ද්වාරය අසල සිට යුවතියන්ගේ කතාබහට සවන් දෙමින් දෑස් රත්පැහැ ගන්වමින් බලා සිටින්නේ අන් කවරකුත් නොව කනිශ්කයි.කනිශකගේ බැල්මට වගීෂා ගැස්සුනද ඇය ඒ බව නොපෙන්වා ඉදිරියට පැමිනියේ ඇගේ මිතුරියන්ද ඇය පසු පසුන් පැමිනෙනා විටයි.

වගීෂා කනිශ්ක පසු කරන් යාමට තැනුවද ඇය එක්වරම නතර වූවේ කනිශ්කගේ උස් හඩ හේතුවෙනි.

ඕහොම නතර වෙනවා…….මොකක්ද තමුන්ගේ නම……

වගීෂා….ඇයි ඩොක්ටර්…..

ඇය තම වරකස සකසමින් කතා කරන්නේ ඔහුවද මදක් හෝ ගනනකට නොගනිමිනි.

වගීෂා…..වගීෂා නේද….. තමුන් නේද රිසාල්ට් මදි වෙලා කොලේජ් එකට ඩොනේශන් පිට ඩොනේශන් දීලා ආපු ඇමති කෝසලගේ දුව….

යස්….. මිනිස්ටර් කෝසල මගේ ඩැඩී…. මොකක්ද වෙන්න ඕනේ…..

හහ්…..මටනම් මොකුත් වෙන්න ඕනේ නෑ….ඒත් තමුන් චීප් කෙල්ල කියලා කතා කලේ කාටද කියලා තමුන් දන්නවද…….

කනිශ්කගේ ඒ වදන් ඇසුන විගස නම්දී ඔව්න් වෙත දිව ආවේ සකුනි හා කවිෂාත් ඇය පසු පසින් පැමිනෙනා විටයි.

චග්…..ඇයි මොකද…එයා මේ කොලේජ් එකේ චෙයාමන්ගේ ඩෝටර්ද….නැත්තම් ෆිවුචර් චෙයාමන්ගේ වයිෆ්ද….

ඇය නොදැන හෝ පිට කල වදන් සත්‍ය බව ඇය දන්නවානම් කුමකින් කුමක් සිදුවේද ??

අන්න……

කනිශ්ක අයියා….එපා….අපි යමු….

ඔහු පැවසීමට ගත් වදන් සම්පූර්ණ නොව්නේ නම්දි ඔහුගේ දෑතින් අල්ලා ඇදගනිමින් පිටව ගිය බැවිනි.වගීෂා ඇතුලු පිරිස හා කවිෂා මෙන්ම සකුනිද සිදු වූ දෙය පිලිබදව පුදුමයෙන් මුහුනට මුහුන බලා ගත්තේය.

ඔවුන් පුදුම වූවේ කනිශ්ක හට නම්දි “අයියා” යනුවෙන් කතා කල නිසාවෙනි.කෙදිනකවත් ඔව්න් ඉදිරියේ යුවතිය ඔහු හට සහෝදරත්වයෙන් කතා කර නැත.ඉදින් ඔවුන් ගිය දිශාවක් හෝ සොයා ගත නොහැකිව සියලු දෙනා ආපන ශාලාව වෙත පියමැන්නේ දිවා ආහාරය ලබා ගැනීමටයි.

ආපනශාලාවට ගොස් සුපුරුදු අසුනෙන් අසුන් ගත් සකුනි හා කවිෂා නම්දි හට ඇමතුමක් ගත්තේ ඇය කොහෙදැයි දැන ගැනීමටයි.

හෙලෝ……

කියන්න සකුනි…..

කොහෙද බන් ඩොකාවත් ඇදන් ගියේ…..

මම මෙඩිකල් රූම් එකේ ඉන්නේ…. කනිශ්ක අයියා එක්ක…..

කන්නේ නැද්ද බං…..

ඔය දෙන්නා කාලා එන්නකෝ…මම අයියා එක්ක කන්නම්….ම්ම්……

කමක් නැද්ද…..

අවුලක් නෑ…කාලා මෙඩිකල් රූම් එකට එන්න එහෙනම්….ම්ම්…..

හරි….තිබ්බා එහෙනම් ඈ……

හ්ම්…..

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

වෛද්‍ය කුටියේ තනි වී සිටියේ කනිෂ්ක හා නම්දි පමනි.කනිශ්ක තවමත් පහව නොගිය කෝපයෙන් කුටිය පුරා අපිමනින්නේ නම්දි ඇමතුම අවසන් කර ඔහු දෙස බලනා විටයි.

මොකද කනිශ්ක අයියා ඔය….

මොකද….මොකද අහන්නේ…..

ඔහු කෝපයෙන් ඇගෙන් විමසන්නේ ඇගේ වත සිනහවෙන් පිරෙනා විටයි.

දැන් ඔහොම ඇවිද්දොත් කකුල ගෙවෙයි දනිස්ස ගාවටම.පස්සේ බොරු කකුලක් දාගන්න කැමතිනම් ඇවිදින්න…..මම මොකුත්ම කියන්නෑ…..

ඒ වදන් ඇසුනු සැනින් ඔහු අසුන් ගත්තේ නම්දි සිනහව බොහොම අමාරුවෙන් වලක්වා ගන්නා විටයි.

හිනා වෙන්න නෙමෙයි චූටි…..දැන්වත් මේකුන්ට දැනගන්න තියනවා ඔයා කොලෙජ් එකේ චෙයාමන්ගේ දුව කියලා…. නයෙක් උනත් ඉදලා හිටලා පෙනේ පෙන්නන්න ඕනේ මම නයෙක් කියලා පෙන්නන්න.නැත්තම් දර මිටියට තියලා බදිනවා කියන එක අහලා තියෙනවනේ…. අනික අර නැට්ටිච්චි කව්ද බන්….උබයි එකියි එක ලග තිබ්බහම අහසයි පොලවයි වගේ…..හැම අතකින්ම….

ඒ ගැන හිතන්නෙපා අයියා….මම ඔය දේවල් වලට කොහොමත් කැමති නෑ කියලා ඔයා දන්නවනේ……

අනේ මන්දා බං……උබත් එකයි….අරුත් එකයි….දෙන්නා තකට තක…..දැන් අරකි මොකටද කෑ ගැහුවේ……

මං හිතන්නේ එයා පහන් අයියට ලව්ද කොහෙද…..

මොකක්……….

හ්ම්…..මම හිතන විදිහට එහෙම තමයි.කමක් නෑ ඒක එහෙම උනොත් වෙඩින් එක මං ගානේ………

දැක්කමයි මෙහෙම එකියක්….තමන්ගේ මිනිහට තමන්ගේ වියදමින් කසාද බන්දන්න හදන……. මට කියනවකෝ ඇත්තටම මොකද උනේ……

මමයි සකුනියි ලෙක්චර් එක මැද කතා කර කර හිටියා……

ඉතිං……

ඉතිං…..මකරා පිට පැන්නා…මාව දඩුවමට යටත් කලා….පැය දෙකක් මම හිටන් හිටියා….මකරා කෝප ගැන්වුන නිසා රාජධානියේ රැජින කෝප ගැන්විලා……..

අර තොරොම්බල් කරත්තෙටද රැජින කිව්වේ…. අනේ මන්දා ඕයි…..මොකට ඔය යකාව කේන්ති ගස්සනවද….දන්නවනේ හැටි…..කකුල රිදෙනවද…

නෑ…..බඩගිනියි….උදේට පාන් කෑවේ…..

හ්ම්…..එහෙනම් මගේ බත් එක කමු…..

කමු කමු….නැන්දගේ බත් එකක් කන්න බැරි උනා සෑහෙන්න දවසකින්…

යුවතිය පැවසුවේ කනිශ්ක තම දිවා ආහාරය රැගෙනවිත් මේසය මත තබනා විටයි.කෙසෙල් කොලයක ඔතා ඇති ඔහුගේ දිවා ආහාරයේ සුවද ඇගේ රස නහරයන් පිනවූවේ මුවට කෙල පිඩක් ඉනෙනා විටයි.ඉදින් දෙදෙනාම ආහාර ගත්තේ කතාබහ කරමිනි.

ඒක නෙවෙයි අයියා…..මම කවදා හරි ප්‍රෙග්නට් උනොත් ඉස්සරලම කන්නෝනේ නැන්දගේ කෑම එකක් ඈ…..මේ වගේ කෙසෙල් කොලේ ඔතලා….

උබ ප්‍රෙග්නට් වෙයන්කෝ…..මම තුන්වේලටම කෑම ගෙනත් දෙන්න……

හ්ම්…..මේ මට උදව්වක් ඕනේ……

මුවට ගත් බත් පිඬද නොසපාම කනිශ්ක යුවතියගේ වත දෙස බැලුවේ ඇය බත් පිඬක් මුවට ලං කරගන්නා විටයි.

මොකද අනේ…..සිරියස් වෙන්න එපා ඔච්චර..සෙට් වෙන්නෑ…..

හ්ම්…..කියපන්කෝ මොකක්ද ඕනේ උදව්ව…..

මට චූටි අයියගෙන් පලි ගන්නෝනේ……

ඒ මොකටද……

මාව හිටවලා තිබ්බට….ආයේ එහෙම නොකර ඉන්නම…..

ම්ම්……..කොයි වගේ දෙයක් කරොද්ද පොරට රිදෙන්නේ……..

එයා ආසම දෙයක් දන්නැද්ද….මොකද එයා කැමති නෑ එයාගේ දෙවල් වලට අතවත් තියනවට…..

“මේ ලෝකේ ඌ කැමතිම උබට….උබ මොනවා හරි කරගනින්…”කියා සිතුනත් ඔහු පැවසීමට නොගියේ කෙදිනක හෝ තම මිතුරාගේ ප්‍රේමය ඔහුම පවසනවානම් හොදයියැයි හැගුන නිසාවෙනි.

ආ….මතක් උනා….ඌ අද ඇදන් ඇවිත් තිබ්බ ශර්ට් එක…ඒක ඌ ආසම එක….

ඒක සුදුයිනේ…..ආ…..සුදුයිනේ…..දෙන්නම් ජම්බු….

යුවතිය එය පැවසුවේ කපටි සිනහවක් මුව මත රන්දා ගනිමිනි.කනිශ්ක හට සිනහා පහල වූවේ ඇගේ පෙරපාසල් හැසිරීමටයි.

මේ….ඒකෙන් මට වැඩක් නෑ අයියා….ඔය මකරා එයාගේ ඇදුම් මට හොදන්න දෙන්නේ නෑ…..

මෙහෙම කරනවා……අද ගෙදර ගිහින් ඌ එනකොට වෙනදා වගේ ශේප් එකේ ඉන්නවා…සැක හිතන්න දෙන්නෙපා….ඌ ඇදුම් මාරු කරාට පස්සේ එහෙ මෙහෙ වෙනකල් ඉදලා ශර්ට් එක අරන් හොද ඉදුල් පාරක් දෙනවා….ආයේ මොනා දැම්මත් යවනවා බොරු…..බීට් හොද්දක් තිබ්බනම් මරු..අද රෑට බීට් උයනවකෝ….එතකොට හරි….

ම්ම්ම්……ඔය තියෙන්නේ…..දෙන්නම් වැඩේ…මකරට හික් ගෑවෙන්නම….මේ ඒක නෙවෙයි…..ඔය ශර්ට් එක කවුරු අරන් දීපු එකක්ද….

දන්නෑ….මම ඒක දන්නවයෑ……උබ එපැයි දැනගන්න…..

යනුවෙන් කනිශ්ක පැවසූවත් ඔහුගේ සිත යටින් සිනහා වූවේ එම කමිසය ඔහුට තෑගී ලැබුනේ ඇයගෙන්ම බව දන්නා නිසාවෙනි.

හ්ම්…..බලමුකෝ….වැඩේ සක්සස් උනහම මම මැසේජ් එකක් දාන්නම් ඈ….

හ්ම් හ්ම්….

ඔවුන්ගේ කතා බහ අතරතුර ආහාර ගෙන අවසන් කලේ සකුනි හා කවිෂා කුටිය තුලට පැමිනෙන විටයි.

ඒ…..නමුවා…..උබ මොකද යකෝ ඩොකා ඇදන් දිව්වේ……..

කෙදිනත් මුවට විරාමයක් නොදෙන කවිෂා විමසුවේ කනිශ්ක ඇය දෙස පුදුමයෙන් බලනා විටයි.සකුනි ඇගේ අතින් අල්ලා එපැයි සන් කරද ඇය නවතින පාටක් හෝ නැත.නම්දිද සිනහා වූවේ කනිශ්කගේ ඇද වූ මුව දැකීමෙනි.

මොකා….ඩොකා…..මේ මම……

ඔව් ඔව්…..ඔයාට තමයි කිව්වේ….අනික එකපාරටම ඩොක්ටර් ඩොක්ටර් කියපු කෙනා කොහොමද අයියා උනේ…..කියන්න බලන්න ඩොකා…..

කටනම් අන්තිම සවුත්තුයි ඈ…..තව අවුරුදු දෙක තුනකින් ඔයාලත් ඩොක්ටර්ස්ලා නේද….රෙස්පෙක්ට් කරන්න දන්නැද්ද…….

ලෙක්චර්ස්ද…..ඒවා එපා ඈ….කියනවද ඔයා කොහොමද මේ එල වැස්සිගේ අයියා උනේ කියලා….

කවියා….මේ මගේ නැන්දිගේ පුතාගේ යාලුවෙක්…අපි පොඩි කාලේ ඉදන්ම හොදට අදුරනවා…..

සිනහව පාලනය කරගත් නම්දි පැවසුවේ කනිශ්ක තවමත් කවිෂා දෙස පුදුමය මුසු කෙන්තියකින් බලනා විටයි.

මොකක් හරි….ඩොකා අදුරනවා කියලා කලින් කියන්න බෑද…උබ මේ ඉන්න විදිහ නිසා එක එකා ඔලුවට අත හෝදන්න එනවා….උබ මොකුත් නොකියා උබ වෙනුවෙන් කතා කරන්න ආපු ඩොකාවත් ඇදන් දුවනවා…..

හොදට කියන්න නංගී….මේ මැටි මොලේට ඔය මොකුත් තේරෙන්නේ නෑ……

කියමින් කනිශ්කත් ඇයට හවුල් වූවේ සකුනි කා නම්දි ඔවුන් දෙස පුදුමයෙන් බලනා විටයි.

හරි හරි බන්…..ඒවා අපි දැනගත්තහම ඇති…ඔය එක එක්කෙනාට දැනගන්න කියවන්න ඕන්නෑනේ….

ඒ උනාට කියන්න තිබ්බෙ නමු…..මේකිට කේන්ති යන එක සාදාරනයිනේ…..වගීෂා වගේ එකියෙකුගෙන් වචනයක් අහන්න ඕනේ කෙනෙක් නෙමෙනේ බන් උබ……

සකුනිද යුවතියට පැවසුවේ අනෙක් දෙදෙනාද හිස සලා එය අනුමත කරනා විටයි.

අනේ හරි බන්…..කෙන්ති නිවෙන්න මට දෙකක් ගහපල්ලා..මම සතිටින් බාරගන්නම්….ඒත් ඔය එක එකා ලග මට කියවන්න බෑ……

අනේ මන්දා යකෝ…..උබේ ඔලුවේ මොලේ නෑ….නැත්තම් මොලේ වෙනුවට තියෙන්නේ මැටි… මෙන්න මෙහෙ වර යන්න…..

කියමින් කවිෂා යුවතියගේ සුරතින් අල්ලා ගත්තේ ද්වාරය දෙසට අඩි තබමිනි.සකුනිද ඔවුන් පසුපසින් අඩි තැබුවේ කනිශ්ක පිටව යන ඔවුන් දෙස බලා හිදිනා විටයි.ද්වාරය අසලට කවීශා හැරී බැලුවේ කනිශ්ක දෙසයි.

එහෙනම් ඩොකා අපි ගියා ඈ…….

කියමින් ඇය පිටව ගියේ කනිශ්ක හට සිහින් සිනහවක් නැගෙනා විටයි.

දිවා කාලයේ පැවති දේශනයටද සහාභාගි වූ යුවතියන් තිදෙනා වෙන්ව ගියේ තම තමන්ගේ නිවස්නන්ටයි.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

නම්දි නිවසට පැමිනෙන විට සවස තුනේ කනිසම ගෙවෙමින් තිබින.අත රැදි අමතර යතුරෙන් නිවසේ ද්වාරය හැරගත් යුවතිය නිවසට ඇතුලු වූවේ විඩාබරවයි.කෙදිනකවත් බස්‍ රථයක ගමන් ගොස් නැති ඇයට එහි විඩාව යහමින් දැනෙමින් තිබින.

පහන් පැමිනීමට සවස පහපමන වන බව ඇයට කෙටි පනිවිඩයක් පැමිනි බැවින් විගහින් ගත දොවාගත් ඇය කෙටි කලිසමකින් හා කමිසයක් ගත දවටා ගත්තේ මුලුතැන්ගෙයට පා තබමිනි.

විගහින් කෝපි කෝප්පයක් පිලියෙල කරගත් යුවතිය රොබරොයිසියා ගස යට ඇති බංකුව වෙත පියමැන්නේ සිය ජංගම දුරකතනයෙන් ගීතයක්ද අසනා ගමන්ය.

සෙමෙන් කෝපි කෝප්පයේ රස බලමින් ගීත කන්ඩ කිහිපයකට සවන් දුන් ඇය රොබරොයිසියා මලක්ද අහුලා ගනිමින් නිවස දෙසට පියමැන්නේ රාත්‍රි ආහාරය සකස් කර නිවස අස්පස් කර දැමීමටයි.නිවස තුලට පැමිනි ඇය මුලින් බැලුවේ කෑම මේසය මතයි.උදෑසන ආහාර ගත් සියල්ල මේසය මත ඇතැයි ඇය සිතුවද ඒ බවට කිසිදු සේයාවක් නොවුනේ ඇයද පුදුම කරමිනි.

ශා…..මකරා නියමයිනේ…..කවදා හරි බදින කෙල්ල වාසනාවන්තයි…..හෑ….මම නේද මකරව බැන්දේ…. මතකෙනම් සවුත්තු වෙලා අප්පා….

සිතමින් ඇය මුලුතැන්ගෙයට පිවිසියේය.කොපි කොප්පය සොදා තැබු ඇය රයිස් කුකරයට සහල් සොදා දැමුවේ බීට් අල කිහිපයක් සුද්ද කරමිනි.බීට් අල කිරට සාදා සොසෙජස් කරල් කිහිපයක් බැදගත් ඇය පොල් සම්බෝලයක් සදා ගත්තේ ලුනුදෙහි කෑල්ලක් දමා අනාගමිනි.

පිසගත් ආහාර සියල්ල කෑම මේසයට යැවූ ඇය මුලුතැන්ගෙයද අස්පස් කර දමා නිවසද අතුගා දැමුවේ මිදුල අතුගෑම සදහා හෙට දිනට කල් තබමිනි.සියල්ල අවසන් වනවාත් සමගම පහන්ගේ මෝටර් රථය මිදුලේ නතර වූවේය.

ඔහු රථයෙන් පිටතට පැමිනෙනවාත් සමගම ඇය කුටියට පිවිසියේ ඔහු කතා කරන බව දැන දැනමය.ඉදින් ඔහු නිවස තුලට පැමිනියේ ඇයට කතා කරනා ගමන්ය.

නමූ……..

ආ චූටි අයියා….මම රූම් එකේ…..

හා..හා…මම බැලුවා කෝ කියලා….

කොෆි එකක් හදන්නද…..

කියමින් ඇය කුටියෙන් පිටතට පැමිනියේ ඔහු බෑගය සොපාව මතින් තබා කමිස බොත්තම් කිහිපය ලිහිල් කරනා විටයි.

දැන්ම එපා නමු….වොශ් එකක් දාගෙනම එන්නම්…..පස්සේ බොමු….ඔයා කෑම හැදුවද….

කෑම මේසය මත බලා ඔහු යුවතියගෙන් විමසුවේ ඇය හිස ඉහල පහල කර ඔව් යැයි සන් කරනා විටයි.

තනියම මහන්සි උනේ ඇයි නමූ….මමත් ආවම කරන්න තිබ්බනෙ…..

කමක් නෑ චූටි අයියා….හෙට ඉදලා දෙන්නම උයමු….

හ්ම්….

යැයි සන් කරමින් ඔහු ගැලවූ කමිසය හා බෑගයද රැගෙන කුටියට පිවිසියේ ඇය කමිසය ගැනීමට මාන බලනා විටයි.

අඩ හෝරාවකට පසු නා ගත් පහන් පිටතට පැමිනියේ නම්දි රූපවාහිනිය නරඹනා විටයි.

නමූ….මම තේ බොන්න මොනවා හරි අරන් එන්නම්….ඉන්න පුලුවන්නේ……

පුලුවන් චූටි අයියා…..

යනුවෙන් ඇය පැවසුවේ සිතේ ඇති සැලසුම ක්‍රියාත්මක කිරිමට අවස්තාවක් ලද හෙයිනි.ඔහු පිටවනතුරු සවන්පත් යොමාගනිමින් අසා සිටි යුවතිය ඉක්මනින් ඔහුගේ කුටියට පිවිසියේ සෝදන බකට්ටුවට දමා ඇති කමිසය සුරතට ගනිමිනි.

ඉක්මනින් නානකාමරයේ ටයිල් පොලව මත කමිසය ඇතිරූ ඇය බීට් ව්‍යාන්ජන ස්වල්පයක් රැගෙන විත් කමිසයේ තැනින් තැන ඉහිරවා දැමුවේ කුරිරු සිනහවක් නැගෙනා විටයි.

ඉක්මනින් කාර්‍යය අවසන් කල ඈ කමිසය සෝදන බකට්ටුවටම දමා නානකාමරය වතුර පාරකින් සොදා දැමුවේ ඔහු පැමිනීමට පෙරයි.

සිය කාර්‍යය ඉක්මනින් අවසක් කරගැනීමට හැකි වූ බවට සිත යටින් සතුටු වූ ඇය ඉක්මනින් විසිත්ත කාමරයට පිවිස සොපාව මත වාඩි වූවේ කනිශ්ක හට තමා කාර්‍යය හොදින් කල බවට කෙටි පනිවිඩයක්ද තබමිනි.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

හෙට හමුවෙමු….ඔන්න පලිය ගත්තා…😁😁😁

හෙට බලමු පලියේ ප්‍රතිඵල….😏😏

කතාව වෙනුවෙන් බලාසිටි හැමෝටම ස්තූතියි වගේම සමාවෙන්න ළමයි.මේ සිංහල බාශාවක් නිසා ඔලුව ගිනි අරන් අප්පා….🥲🥲

☠️ අනවසරයෙන් උපුටා ගැණීම තහනම් ☠️

කතාව #ඉෂාරීකෞෂල්යා

0 Wishlist
My account