KING OF PRIDE

She’s his opposite in every way…and the greatest temptation he’s ever known. Reserved, controlled, and proper to a fault, Kai Young has neither the time nor inclination for chaos—and Isabella, with her purple hair and inappropriate jokes, is chaos personified. With a crucial CEO vote looming and a media empire at stake, the billionaire heir can’t afford the distraction she brings. Isabella is everything he shouldn’t want, but with every look and every touch, he’s tempted to break all his rules…and claim her as his own.

ප්‍රොෆෙසර් හබී – පළමු කොටස

නම්දි පහන්‍යා ඒකනායක වන මම…….
නම්දි පහන්‍යා ඒකනායක වන මම……
මෙහි සිටින පහන් ලෝකේෂ්වර බන්ඩාර යන අයව…..
මෙහි සිටින පහන් ලෝකේෂ්වර බන්ඩාර යන අයව…..
මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන්….
මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන්…..
පිළිගන්නා බවට
පිළිගන්නා බවට
මෙහි සිටින සියලුදෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි…..
මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි…..
විවාහ රෙජිස්ට්‍රාර් වරයා පවසන වදන් ඇය නැවතත් කියවූවේ සිහිකල්පනාවකින් තොරවයි.මින් ඉදිරියට තම දිවියට කුමක් සිදුවේදැයි බියක් ඇගේ සිත තුල හීනියට රිදුම් දෙනු ලැබූවේ කිසිදා නොමැති අයුරිනි.
වෙනත් යුවතියක්නම් මෙවැනි මොහොතක සිටින්නේ තමන් දෙදෙනෙකු ආරම්භ කිරිමට සූදානම් දිවිය පිලිබද මහත් වූ සතුටකිනි.නමුත් එක්වරම තම පියාට සිදු වූ විපර්‍යාසය තම දිවියට මෙතෙක් බලපාවී යැයි ඇය හීනෙකදු සිතන්නට නොවීය.නමුත් උරුමය මෙය නම් බාරගැනීම විනා කුමක් සිදු කරන්නද……
මනමාල දෙපල දැන් අසුන් ගන්න…….
තලත්තෑනී රෙජිස්ට්‍රාර් වරයාගේ විධානයෙන් ඇය අසුන් අත්තේ රොබොවරියක් මෙනි.ඔහුගේ හා තමාගේ අත්සනින් පසුව දෙපියවරු සාක්ෂි අත්සන යෙදූයේ ඇය දෑස් පියාගන්නා විටයි.
“මගේ ජීවිතේම ඉවරයි”
“මගේ ජීවිතේම ඉවරයි”
“මගේ ජීවිතේම ඉවරයි”
කියමින් ඇගේ යටි සිත කෑමොර දුන්නේ හදවත අසාමාන්‍ය ලෙස ගැහෙනා විටයි.
සියල්ල අවසන් විය.පැමින සිටියවුන් කා බී විනෝදයෙන් කල්ගත කර පිටව ගියේ යුවතිය හා ඇගේ සොහොයුරිය විසිත්ත කාමරයේ තනිවන විටයි.
ඇයි චූටි මේ…..මූනත් එක්කම අමුතු වෙලා ඔයාගේ…..
මහන්සියි අක්කා…ඒ නිසා වෙන්න ඇති… වොෂ් එකක් දාලා නිදාගත්තනම් හරි යාවී……
ඇය සොහොයුරියගේ දෑස් මානයෙන් ඉවත බලමින් පැවසුවේ තම දෑසේ රජ කරනා කදුලු ඇයට පෙනේවියැයි බියෙනි.
මම දන්නවා චූටි…..ඔයා මල්ලිට වැඩි කැමැත්තක් නෑ කියලා…..යන්න යන්න ඕවා හරි යයි…..ම්ම්…..
හ්ම්…….
එන්නකො යන්න…..වොෂ් එකක් දාලා පොඩ්ඩක් නිදා ගන්න…. මල්ලි දැම්මම එන එකක් නෑ.එයාගේ යාලුවෝ වගයක් ඇවිල්ලා……
කියමින් සිය නැගනියගේ දෑතින් අල්ලගත් අහන්‍යා ඇයවද කැටුව පහන්ගේ කුටියට සේන්දු වූවේ නානකාමරයට යෑමට ඇයට ඉඩහසර ලබා දී පිටව යමිනි.
නානකාමරයට ගොඩවැදුනි යුවතිය උදෑසන පටන් ගතපටලාගත් සාරිය උනා දමා වතුර මල යටට වූවේ හිසේ පටන් දෙපතුල දක්වා වතුර බිදිති ඇගෙ ගත් පුරා රූරා වැටෙන විටයි.
අනේ දෙවියනේ…..මාව බේරගන්න ඉන්නේ ඔයා විතරයි.කොලේජ් ඒකේදිත් මාව මරන් කන මනුස්සයාටම ඇයි මාව බන්දනකල් ඔයා බලාගෙන හිටියේ…..මේ යකා මාව පරීක්ෂන නලයක හිර කරලා වහලා දායිද දන්නෑ……හත්තිලව්වේ…… මගේ මේ පන කෙන්ද රැක ගන්න මාර ගේමක් දෙන්න වෙයි වගේ….ලේසි වෙන්නේ නම් නෑ මේ රාස්සයා එක්ක….ඒකට ලොකු අයියා…..අනේ දෙවියෙක් වගේ මනුස්සයා අප්පා….අපේ නැන්දිට කොහොමද දන්නෑ දෙවර්ගෙන් හම්බවුනේ…..සුවර් එකටම චූටි අයියා ලැබෙන්න ඉද්දි සැර ජාති වැඩියෙන් කාලා වෙන්නැති…. නැත්තං ඔහොම වෙන්නේ නෑනේ…….කොහොම හරි…..පරිස්සම් වෙයන් නමූ…..එච්චරයි…….මට බුදුසරණයි දෙවි පිහිටයි.
කියමින් තුවාය ගත වටා දවටා ගත් යුවතිය කුටියට පැමින සැහැල්ලු කලිසමක් හා ටීෂර්ටයක් ගත දවටා ගත්තේ ගතට මද සැනසීමක් එන විටයි.
මේ ඇදේ නිදාගත්තා කියලා මැරෙන්න හදයිද දන්නෑ රාක්ෂයා…… ඕනේ එකක්…..නිදාගනින් නමූ….දැන් මේවා මටත් අයිතිනේ……
කියමින් යුවතිය යහන මතට වැටුනේ අතපය සතර සතර දිශාවට විහිදුවමිනි.ගත වූවේ සුලු කාලයකි. උදෑසන පටන් ඇති ගතේ මහන්සියට හා සිතේ වේදනාවට ඉක්මනින්ම ඈ වෙත නිදි දෙව්දුව පැමිනියේ පහසුවෙන් නින්ද ඇය කරා ලඟා වන විටයි.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
රාත්‍රි අටේ හෝරාව ගෙවෙමින් පැවතිනි.තම නිවසට පැමිනි අමුත්තන් සියලු දෙනා විටව ගොස් තිබින.පහන් විසිත්ත කාමරයේ සොපා පුටුවට බර වූයේ කල්පනාවෙනි.
දැන් මේ වහු පැටියව දක්කපංකෝ…..අනේ මන්දා….
කියමින් ඔහු ඇගිලි තුඩු මතින් තම නලලත් තෙරපවා ගත්තේ සරත් පැමින් ඔහු අසලින් අසුන් ගන්නා විටයි.
චූටි පුතා…….
අහ්….මාමා……කියන්න…..
මගේ කෙල්ලව පරිස්සමින් බලාගන්න පුතේ.මම දන්නවා ඔයා එයාව බලාගනී කියලා.ඒකයි මම ඔයාවම ප්‍රපෝස් කලේ මගේ කෙල්ලට…..එයා පොඩි කාලේ ඉදලම අම්මා නැතුව හැදුන නිසා අපි වැඩියෙනුත් එක්ක හුරතල් කලා…..ඒකයි ඔය දඟ… නැත්තං මගේ කෙල්ල අහිංසකයි පුතේ…මට දැන් නිදහසේ ඇස් දෙක පියාගන්න පුලුවන්….
මාමා…..ඔහොම කියන්නෙපා…..
නෑ…..මම ඒක කියන්නම ඕනේ…..කෙල්ල දන්නෑ මේ කිසි දෙයක්.මේ දේවල් එයාට දැනගන්න තියන්නත් එපා…කෙල්ල කඩාගෙන වැටෙයි.අක්කා වගේ නංගි හයිය නෑ….ඉක්මනට උනු වෙනවා…..උදේ ඉදලා මාත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.එයාට දුක ඇති…ඒත් කවදාහරි එයා පිලිගනී අප්පච්චී එයාට වැරදි දෙයක් කලේ නෑ කියලා…..
සරත් ඔහු ඉදිරියේ ඉනු කදුලු නිදහස් කලේ පහම් ඔහුව තම ගතට වාරු කරගන්නා විටයි.
මාමා බය වෙන්නෙපා…..මම ඔයාගේ සුදු දුවව පරිස්සමින් බලාගන්නම්….හ්ම්……. ඔයා දුක් වෙන්නෙපා….වෙලාවට බෙහෙත් ගත්තහම ඔය සේරම හරියයි…… දැන් ඒ ගෙදර තනියම ඉන්නේ නැතුව මෙහෙ ඉන්න……අම්මයි තාත්තයි විතරනේ ඉන්නේ…..
ඇයි….පුතාලා එතකොට……
අපි නුවරින් ගෙයක් ගත්තා මාමා…..කොලේජ් එකටත් ලගයි…..මෙහේ ඉදලා සතියේ දවස් ටික බෝඩිමක ඉන්නොන්නෑනේ….අනික නමු ඉගෙනීමට මුල්තැන දෙන්නෝනේ….ඒකයි එහෙම කලේ….
හරි පුතේ…..ඔයා බලලා හොද දෙයක් කරන්නකෝ……
ම්…මාමා දැන් වොෂ් එකක් දාලා නිදාගන්න…රෑ වෙලානේ…. බෙහෙත් බිව්වද….
ඔව් පුතේ…..
හ්ම්….මමත් යනවා වොශ් එකක් දාගන්න…. මහන්සියි…..
හරි පුතේ….. Good night
Good night මාමා…..
කියමින් සරත්ගෙන් මිදුන ඔහු සිය කුටියට පිවිසියේ ඇය තම කුටියේ ඇති බව නොදැනයි.
ඉක්මනින් කුටියට පිවිසි ඔහු විදුලි බුබුලද නොදල්වාම නානකාමරයට වැදුනේ ගතේ දාහය නිවා ගැනීමටයි.සලුපිලි උනා දමා ඉක්මනින් නාගත් ඔහු කෙටි කලිසමක් ඇද ගනිමින් යහන අසලට පැමිනියේ කලුවරේය.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
පලවෙනි කොටස ගෙනාවා….😁😁
තරහා කාරයෝ දෙන්නෙක් සෙට් කරන්නේ….කට්ටක් කමු ඈ….🤧🤧
☠️ අනවසරයෙන් උපුටා ගැණීම තහනම් ☠️
කතාව #ඉෂාරීකෞෂල්යා

0 Wishlist
My account