THINGS WE HIDE FROM THE LIGHT

ප්‍රොෆෙසර් හබී – හතරවන කොටස

පහන් උදෑසන පහේ කනිසම ගෙවෙමින් ඇති මොහොතේ අවදි වූවේ දුරකතනයෙන් නැගුනු එලාම් ශබ්දයටයි.මද වෙලාවක් යහන මත හිදි ඔහු යහනෙන් බැසගත්තේ මුහුනකට දොවාගනිමින් මුලුතැන්ගෙයට පිවිසියේය.

ඔහු යන විටත් නම්දි මුලුතැන්ගෙයට වී ආහාර පිසිමින් උන්නේ ඔහුවද පුදුමයට පත් කරමිනි.

Good morning…. මෙච්චර උදෙන්ම නැගිටගෙන මොකද කරන්නේ…..

ආ…..නින්ද ගියේ නෑ…අලුත් තැනක්නේ…ඒකයි…..

හ්ම්….මොනවද හැදුවේ….

සැන්විච් ටිකක් හදලා ගන්න හැදුවේ….

ඒක හොදයි….පොඩි දෙයක් හදලා ගමු.ඔයා ඕක හදන්නකෝ…මම කොෆි එක හදලා ගන්නම්…

බොන්න පුලුවන් වෙයිද…..

උදේ පාන්දර යකා අවුස්සගන්න එපා ඈ….මම තනියම අවුරුදු ගානක් ජීවත් උනේ කොෆි එකක්වත් හදාගන්න බැරුව නෙමෙයි හරිද…..

එසේය මකරාදිපතිතුමනි….ඕක හදන්නකො…. මම මේක හදලා ගන්නම්..මේ ඒක නෙවෙයි චූටි අයියා…

මොකද ඒ පාර….

බස් එක කීයටද එන්නේ…..

ආ….ඇහුව එක හොදයි.මටත් ඒක කියන්න අමට්ගක උනානේ….හතහාමාර වෙනකොට එනවා…. ඔයා මෙයින් රෝඩ් එකට යන්නෝනේ…. පුලුවන්නේ…විනාඩි පහයිනේ….

හ්ම්…..ඒක ප්‍රශ්නයක් නෑ….

මමත් පස්සෙන්ම එන්නම්…….

නෑ නෑ…..ඔයා හෙමීට එන්න….මම යන්නම්…..

ඕන එකක්…..උදේ පාන්දර තමුසේ එක්ක කියවන්න බෑ…..

ඒකනේ……ඔයා කොෆි එක හදන්නකෝ….වතුර රත් වෙලා අනේ…..

කියමින් යුවතිය තක්කාලි ගෙඩිය තීරූ කැපුවේ ඔහු සාදා නිමකරගත් කොපි කොප්පය ඇය වෙත පානා විටයි.

තැන්ක්‍යූ චූටි අයියා…

හ්ම්…මොකක් හරි උදව්වක් ඕනෙද….

ඕ….ඔම්ලට් දෙකක් දාලා ගන්නවද….

කියමින් ඇය පිටි ඇත්ලෙන් මුහුනට වැටුනු කෙස්රොදය පසෙකට කලේ එය මැවතත් වතට කරදරකාරි වන විටයි.පහන් එය දුටුවේ දෙවන හෝ තුන්වන වතාවටයි.

ඔය කොන්ඩේ බැදගන්න නමු.කරදරයිනේ……

ඒ කෙස් කෑල්ල කොටයි අනේ..කොයි වෙලාවෙත් නැමෙනකොට වැටෙනවා….

කියමින් ඇය නැවතත් සිය කාර්‍යය කලේ ඔහු මුලුතැන්ගෙයින් පිටවනා විටයි.පහන් යුවතියගේ කුටියට ගොස් ඇගේ කන්නාඩි මේසය මත ඇති කොන්ඩ කටුවක් රැගෙන ඇය වෙත පැමිනියේය.ඇගේ කෙටි කොන්ඩය අල්ලා කටුව රන්දන තුරු ඇය සිටියේ ඔහුගේ ස්පර්ශයෙන් සීතවලවයි.සිතේ ඇති වූ තුරුනු හැගීම කුමක්දැයි තේරුම් ගැනීමට අපහසු වූවත් කුමක් හෝ තම සිතේ පෙරලියක් වන බව පමනක් ඇයට හැගින.කටුව රැන්දු ඔහු ඇයගේ වත තමා දෙසට හරවා ගත්තේ ඇගේ හිස මත දෑස් රන්දමිනි.

හ්ම්….දැන් හරි….ඔය තියෙන්නේ ශොක් එකට….

කියු ඔහු ඇගෙන් මිදි පිටව ගියේ ඇය තවමත් සෙල්රුවක් සේ හිදිනා විටයි.පියවි සිහියට පැමිනිමට ඇය මද කාලයක් මිඩංගු කලේය.

ඒ මොකක්ද උනේ…මාව සීතල වෙලා ගියානේ…..නමූ…..මොකක් උනත් හැදෙන්න යන්නේ සහලෝලා උන ගන්න දෙයක් ඈ…..හිතන්නෙපා මචං…….

කියමින් මුමුනමින් ඇය දෙතොලතරින් දිගු සුසුමක් පිට කලේ පාන් පෙති මත බටර් ස්වල්පයක් තවරමිනි.සැන්විච් කිහිපයක් සදා නිම කරගත් ඇය ඉක්මනින් එය මේසයට යවා කුටියට වැදුනේ ඇගපත දොවාගනිමින් ලකලැහැස්ති වීමටයි.

ඉක්මනින් ගත දොවාගත් යුවතිය නිල්පැහැ ඩෙනිම් කලිසමට සුදු පැහැති ටීෂර්ටයක් ඇගලාගෙන වරලස නිදහසේ කඩා දමා කටුවක් බෑගයේ ර්දවා ගත්තේ පාවහන් යුගලක් පාලාගත්තේ බෑගයත් සමගින් කුටියෙන් එලියට පැමිනෙනා විටයි.

පහන්ද ඒ වන විට ලකලැහැස්ති වී කෑම මේසයේ අසුන්ගෙන සිටියේ ඇයගේ පැමිනීම වෙනුවෙනි.

හතයි දහයයි වෙලාව නමූ…..ඉක්මනට කන්න….

හ්ම්….

යුවතිය කෑම මේසයේ අසුන් ගත්තේ පාන් පෙති කිහිපයක් තම පිඟාන මත තබා ගත්තේ එය ආහාරයට ගනිමිනි.පහන්ද ආහාර ගැනීමට පටන් ගත්තේ පලතුරු බීම වීදුරුවක්ද ඇය වෙතට අං කරනා ගමන්ය.

කාලා පාරට යන්න…වෙලාවට බස් එක ඒවි…. මම කියපුවා මතකයිනේ…..

අපෝ ඔව් අනේ…..මම යනවා එහෙනම්….ඔයා එන්නකෝ ඈ…..

හ්ම්….පරිස්සමින්….

හරි චූටි අයියා…..බායි……

කියමින් යුවතිය නිවසින් එලියට පැමිනියේ සමන් පිච්ච මලක්ද නෙලා ගනිමින්ය.ඒ වන විටත් වේලාව උදෑසන හත පසුවී විනාඩි විසිපහක් වූවෙන් ඇය ඉක්මන් ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිනියේ ඈත තියා බස් රථය එන බව දැක දැකයි.

හොද වෙලාවට ආවේ අප්පා…..තව පොඩ්ඩක් එහා මෙහා උනානම් මකරා ගිනි පිබියි…

සිතමින් ඇය බසයට ගොඩ වී අසුනකින් අසුන් ගත්තේ අවට වටපිටාව පිලිබද දෑස් තබා ගනිමිනි.

ඇය පිටවී විනාඩි කිහිපයක් ගත වූ තැන ආහාර ගත් බාජන සියල්ල පිරිසිදු කර තැබූ පහන්ද නිවසින් පිට වූවේ ද්වාරයත් අගුලු දමමිනි.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

තම විශ්ව විද්‍යාල භූමියෙන් බැසගත් නම්දි අසල වූ මාර ගසක් යට වූ බංකුවක අසුන් ගත්තේ සිය දුරකතනය සියතට ගනිමිනි.එහි වූ තම මිතුරියගේ අංකයට ඇමතුමක් ගත් යුවතිය එය සවන්පත් අතර රදවා ගත්තේය.මද වේලාවක් ගත් වූවේ ඇය ඇමතුමට සම්බන්ද කරමිනි.

හෙලෝ…….

නමුවා……Good morning…..

Morning morning….. කොහෙද හරකියේ ඉන්නේ…..

මම මේ එනගමන්….

ඉක්මනට වරෙන් යකෝ…මම ඇවිල්ලා ඉන්නේ….

මොකක්….උදේම….උබ වෙන්දට එන්නේ ලෙක්ච්ස් පටන් අරන් විනාඩි ගානකුත් උනාට පස්සෙනේ….

උබ වරෙන්කෝ….මම කියන්නම්…කෝ අනිත් එකී…

ඒකිත් එන ගමන් ඇත්තේ……

හරි එහෙනම්….ඉක්මනට වරෙන්….සුපිරුදු පොට් එකේ මම ඉන්නවා….

අම්මට සිරි…එල එල….ඉදහන් එන්නම්….විනාඩි පහයි ඈ…..

පහයි දෙන්නේ….ඉක්මනට වර….බුදු සරනයි.

හරි නමුවා…..බුදුසරණයි…

කියමින් ඇමතුම විසන්දි වූවේය.යුවතිය සමාජමාද්‍ය ගිනුමට ඇතුලු වූදේ දින කිහිපයකින් ඇතුලු වීමට වෙලාවක් හෝ නොලද හෙයිනි.ගත වූවේ විනාඩි කිහිපයක් තරම් සුලු වෙලාවකි.නම්දි අසලට පැමිනි යුවතියන් දෙදෙනෙක් ඇය දෙපස අසුන් ගත්තේ නම්දිව මැදි කරගමිනි.

ආවද තොපි දෙන්නා…..

අම්මෝ…ආවා ආවා මැට්ටී….මොකද මේ මූනත් එක්ක අවුල් ගිහින් ඉන්නේ…..

නින්ද ගියේ නෑ සකුනියා……

ඒ මොකෝ…..

තැන වෙනස් උනා….ඒකයි….

තැන වෙනස් උනා කිව්වේ….බොඩින් ප්ලේස් එකක් ගත්තද….

හ්ම්…..ඔව්……කාටවත් කියන්නෙපා ඈ…..

කාට කියන්නද යකෝ…මොකො එකපාරටම බොඩින් ප්ලේස් එකක් ගත්තේ….උබේ අප්පච්චී කැමති උනේ නෑනේ උබව බෝඩින් ප්ලේස් එකක නතර කරන්න…..

අනේ මන්දා කවිෂා…අපේ අප්පච්චීලාගේ වෙස් පෙරලෙනවා එකපාරටම…..මටත් හිතාගන්න බැරුව ඉන්නේ අප්පා…..

හ්ම්….ඒකද උබ බ්‍රහස්පතින්දා හාෆ් ඩේ යන්න ගියේ…….

හ්ම්….ඔව් අනේ……

මේ ඒක නෙවෙයි….උබ ගියාට පස්සේ මාර වැඩක්නේ උනේ….

ඇයි මොකද…..

උබේ මකරදූතයා…..ඌ ආවෙත් නෑනේ සිකුරාදා…

එහෙමද……

මොකද බං එහෙමද කියලා නිකම්ම අහන්නේ….මම හිතුවේ උබ පුදුම වෙයි කියලා…

මොකට පුදුම වෙන්නද බං….මම මගේ ජිවිතේ ගැනම පුදුම වෙලා ඉන්නකොට…..

කියමින් ඇය කල්පනාවක නියැලුනේ ඇගේ හොදම යෙහෙලියන් දෙදෙනා වන කවිෂා හා සකුනි ඇය දෙස පුදුමයෙන් බලා සිටිනා විටයි.

මොකද උනේ නමුවෝ…..ඒ…නමූ….කෙල්ල…මොකද බං…ඇයි ඔහොම ඉන්නේ…..මොකක් හරි ප්‍රශ්නයක් නම් කියහං අපිට….හිතේ තියාගෙන ඉන්නේ නැතුව…

මදක් කල්පනා කල යුවතිය තම වම් අතේ වෙදැඟිල්ල ඔවුන් වෙත පෑවේ දෙදෙනාම පුදුමයෙන් ඇගේ සුරත අල්ලා ගන්නා විටයි.

මේ මොකද බං….මොකටද මේ මුද්දක් දාගෙන…ඒ…. කියපන් බං….මැරි කරාද….අපිටවත් නොකියා….

හ්ම්…..

මොකද උනේ එකපාරටම…..

දන්නෑ……

දන්නෑ….ඒක මාර කතාවක්නේ…..මොකද උනේ කියපන්…කව්ද උබේ හස්බන්ඩා……

මටත් හිතාගන්න බැරුව ඉන්නේ අනේ….එකපාරටම බැන්දුවා…..හස්බන්ඩ් කව්ද අහන්න එපා…ඒක කියන්න තහනම්….

තහනම්…..යකෝ…..හරි දැන් කියපන් හනීමූන් එහෙම ගිහින්ද ආවේ….

විකාර කියන්නෙපා යකෝ….ඉගේනීමට මුල්තැන කියලා කියලා තියෙන්නේ…

අනේ මන්දා යකෝ……උබේ කතාව අහලා මොලේට සමනල ගැටේ වැටුනා….යමන් ලෙච්ච වලට… නැත්තම් අපිට පිස්සන් කොටුවට යන්න වෙන්නේ…..

කියමින් සකුනි නම්දිගේ සුරතින් අල්ලා ගනිමින් ඔව්න්ගේ දේශන සාලාව වෙතට පිය මැන්නේ කවිෂා ඔව්න් පසු පසින් දිව එන විටයි.ඔව්න් දේශන ශාලාවට ඇතුලත් වත්ම පහන් විශ්ව විද්‍යාල භූමියට ඇතුල් විය.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

නම්දි යාලුවොන්ට කියයිද මකරාදිපති තුමා ගැන කියයිද….🤧🤧

☠️ අනවසරයෙන් උපුටා ගැණීම තහනම් ☠️

කතාව #ඉෂාරීකෞෂල්යා

0 Wishlist
My account