THINGS WE LEFT BEHIND

ප්‍රොෆෙසර් හබී – දෙවන කොටස

උදෑසන පටන් ඇති හිසේ වේදනාව හා මින් පසු ඇතිවන කෙලවරක් නොවූ හිසේ වේදනාව ගැන සිතමින් අදුරේම අවුත් පහන් යහන මත අසුන් ගත්තේය.නමුත් එක්වරම කෝටුවක් වැනි යමක් තම සිරුරට යට වූ වග දැනගත් ඔහු අදුරේම එය අල්ලා බැලූවේ කුමක්දැයි හදුනා ගැනීමට මෙනි. සිනිදුවට අසුවුනු ඇගේ සුරත දිගේ උඩුගමන් යමින් ඔහු කල්පනා කරන්නට වූවේ කුමක්දැයි.
මොකක්ද යකෝ මේ……. මගේ ඇද උඩ තියෙන්නේ…..සින්දුවටත් අහු වෙනවා…… අම්මට සිරි……. ලයිට් එක දාලම බලනවා…..
කියමින් කලුවරේම අතපත ගා ස්වීචය සොයා ගත් ඔහු විදුලි බුබුල දැල්වූවේ නම්දි ආලෝකයට අනෙක් පස හැරෙනා විටයි.ඔහු යහන මත බැලුවේ ඒත් සමගයි.
මෙ වැස්සිනේ…… තව පොඩ්ඩෙන් හාට්ඇටෑක් හැදෙනවා…..
ඕයී…..නමූ…නැගිටිනවා….ඔය මගේ ඇද…….
කියමින් පහන් ඇයව අවදි කලේ ඇය දෑස් පියන් නොඇරම කතා කරනා විටයි.
අප්පච්චී…..මම තරහයි….පැය විසිහතරක්ම මම ඔයා එක්ක කතා නෑ…….ඒ නිසා දැන් යන්න……
කියමින් ඇය අසල වූ කොට්ටයක් රැගෙන තුරුලු කරගත්තේ පැතුම් කේන්තියෙන් ඇය දෙස බලනා විටයි.
කොහේ ඉන්න අප්පච්චීයෙක්ද……නමූ…..නැගිටිනවා……
බෑ….. යක්ෂයාගේ කටහඩින් කතා කලත් මම නැගිටින්නේ නෑ…..තරහයි…..යන්නකෝ……..
මේ හරකි දැන් නැගිටින්නේ නෑ…..
සිතමින් යහන මත වූ කොට්‍ටයක් රැගෙන සොපාවට දැමු ඔහු විදුලි බුබුලද නිවා දමා සොපාව මත හාන්සි වූවේ නිදි දෙව්දුව ඔහු වෙත ඉක්මනින් ලගා වන විටයි.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
උදෑසන හිරුගේ රැස් නම්දිගේ මුහුන සිප ගත්තේ නිදිදෙව්දුවගෙන් ඇයව මුදා ගනිමිනි.සෙමෙන් දැස් හැරි ඇය යහන මත හිදගත්තේ අවට වටපිටාව ගැන අවබෝදයක් ගැනීමට මද වේලාවක් ගත කරමිනි.පෙර දින සිදු වූ සිද්දි දාමය මනසේ ඇදෙත්ම ඇය ඉක්මනින් යහනෙන් බැසගත්තේ දෑසට සොපාව මත නිදා සිටින ඔහුගේ රුව හසුවනා විටයි.
මේ යක්ෂයා සොපාවේ නිදා ගත්තේ මොකද දන්නෑ… සමහර විට ඇදට ආවොත් මම අතවර කරයි කියලා හිතුවද දන්නෑ…… සිකේයියා……. මොනවද නමු උදේ පාන්දර හිතන්නේ….. බන්දලා දුන්නා කියලා ඒ වගේ දේවල් හිතන්න තාම උබ සූටි වැඩි මා අම්මා…..
යි සිතමින් ඇය නානකාමරයට වැදුනේ ඇගපත් දොවා ගැනීමටයි.විගහින් ගත දොවාගත් ඇය කෙටි කලිසමක් හා ටීෂර්ටයක් ගත දවටා ගනිමින් තරප්පු පෙල බැසගත්තේ පහත මාලයටයි.
සියලු දෙනා ඒ වන විටත් අවදිව උදෑසන තේ පානය කරමින් සිටියේ ඇයද ඔවුන් අතරට එක් වන විටයි.
Good morning දෝනී….
Good morning නැන්දී……
මගේ කෙල්ලට නින්ද ගියාද හොදට….
හ්ම්…..මහන්සි නිසා නින්ද ගියා නැන්දී….කෝ අක්කලා…..
එයාලා උදේම ගියා….අයියට මොකක්ද වැඩක් තියෙනවා කියලා…..
හ්ම්……
ඇය කෝපි කෝප්පය තොල ගෑවේ තමා ඉදිරියේ සිටිනා පියා ගැන වගක් හෝ නොමැතිවයි.මෙයින් සරත්ගේ සිත රිදුනද ඔහු ඒ බව සගවාගත්තේ ඉදිරියේදී ඇය තමා ගත් තීරනය හරි බව පිලිගන්නා තෙක්ය.
කෝ දෝනි අපේ ඉලන්දාරියා…..
ආහ්……මම හිතන්නේ මකරා තාම නිදි මාමා…..
මකරා……ශෝක් නම දෝනී…….
ඇත්තනේ මාමා……කොයි වෙලාවෙත් පිබගත්ත ගමන්මයි….. ගිනි විතරයි පිට වෙන්නේ නැත්තේ….
ඇය පවසනා වදන් වලට පුජානි හා උපුල් සිනාසුනේ පහන් පහත මාලයට පැමිනෙනා විටයි.
මොකද මේ දෙන්නා තුන්දෙනා හිනා වෙන්නේ……. පාරටත් ඇගෙනවා සද්දේ……..
කියමින් ඔහු සරත් අසලින් අසුන් ගත්තේ පොච්චියට දමා තිබූ කෝපි තම කොප්පයට වක්කරගන්න්නා ගමන්ය.
හිනා වෙන සද්දේ පාරට ඇහුනම මොකද ඉලන්දාරියා………. තමුන් ගිනි පිබිනකොට දුම ඉන්දියාවටම පේන එකේ…….
උපුල් පවසන්නේ පහන් නොපහන් බැල්මක් ඔහු වෙත හෙලනා විටයි.නම්දි සිනහා නොවී සිටිමට උත්සහ කරමින් සිටියේ දෙතොල් දසන් අතරට ගනිමිනි.ඔහු ඇයටද රවා බලමින් තම මව වෙතට හැරුනේ කතාවකට මුල පුරමිනි.
අම්මා……
ඔව් පුතේ……
මාමා අද ඉදලා මෙහෙ තියාගන්න…… තනියම එහෙ ඉන්න ඕනේ නෑනේ…… වෙලාවට බෙහෙත් ටික එහෙම දෙන්න පුලුවන්නේ…හදිස්සියකට උනත් ඔය දෙන්නම ඉන්න එකේ බය වෙන්න දෙයක් නෑනේ අම්මා…….
ඔව් පුතේ….මමත් ඕකම තමයි කියන්න හිටියේ අයියට…. අයියා මෙහෙ ඉන්න අයියේ…. කොහොමත් දැන් අපි දෙන්නා විතරනේ මෙහෙ ඉන්නේ….
අපි දෙන්නා විතරයි කිව්වේ……. එතකොට නැන්දි මායි චූටි අයියායි……
මම කැන්ඩි වලින් ගෙයක් ගත්තා….අපි දෙන්නා හෙට ඉදලා ඉන්නේ එහේ…. මෙහෙ ඉදලා කොලෙජ් එකට යන්න එන්න ගත්තොත් ඒක කරන්න අමාරුයි.අම්මයි තාත්තයි මාමායි එක්ක හිටියොත් තමුන් කියන දේ අහන්නේ නෑ කියලත් මම දන්නවා…..ඒ නිසා උදේ කෑම කාලා බඩු ටික ලෑස්ති කරගන්නවා….. ලන්ච් එක අරගෙන යන්න ඕනේ….හරිද….
ඕ…..හරි චූටි අයියා….
හ්ම්…….
ඔහු මේසයෙන් නැගිට කෝපි කෝප්පයද රැගෙන ගෙවත්තට පිවිසියේ පුජානි ඇයව තම තුරුලට ගන්නා විටයි.සිත දුලින් රජ කරද ඇය සිනාසි නැන්දනිය දෙස බැලුවේ පුජානිගේ දෑස් කදුලින් දිලිසෙනා විටයි.
ඇයි නැන්දි මේ…….
ඔයා එක්ක යනවට මම කැමති නෑ දෝනී…..මගේ පාලු මැකුව පුංචි කෙල්ලනේ…..මම කොහොමද යවන්නේ…..
ඒකට කමක් නෑ නැන්දී……විකේන්ඩ් එකේ මම දුවගෙන එන්නම්කෝ නැන්දි ලගට….හොදද…… කොහොමත් මම මීට කලිනුත් කලේ ඒකමනේ….. ඒනිසා අඩන්න තහනම්…. කියන්නකෝ මාමා….
ඒකනේ පූජා……එච්චර දුරකටත් නෙවෙයිනේ යන්නේ…..මෙතන ඉදන් පැයක වගේ දුර… දුක් වෙන්න එපා…..පිට මනුස්සයෙක් එක්ක නෙවෙයිනේ යන්නේ…..
ඒක තමයි ම්ගේ හිතටත් දුක අපේ මහත්තයා.පිට මනුස්සයෙක් එක්ක ගියානම් දුක නෑ….. යකෙක් වගේ ඉන්නකොට මගේ කෙල්ල කොහොම ඉදිද….
නම්දිගේ කොපුලක් පිරිමදිමින් ඇය පැවසුවේ උතුරා යන දරු සෙනෙහසකිනි.සිය මවගේ අභාවයෙන් පසු තමාට මෙනම තම සොහොයුරියටත් මවක් වූවේ ඇයමය.කුඩා කල සිටම ඇය තුරුලේ හිද මෙසේ වෙන්වීම ඇයට වේදනා ගෙන දී ඇත.කුමක් කරන්නද….. මාන්නක්කාරයා පැවසු වදනක් වෙනස් කිරීමට අකමැති අයෙක් නම්.
උදෑසන ආහාරයෙන් පසුව ඇය කුටියට පිවිසියේ තමන්ගේ යැයි පවසනා සියලු දෑ සූදානම් කිරිමටයි.ඇගේ ඇදුම් පැලදුම් සියල්ල විශාල ගමන් මල්ලකට ඇසුරුම් කල ඇය පොත් පත් හා ඉගෙනුම් ද්‍රව්‍ය සියල්ල එක් ගමන් මල්ලකට අසුරා ගත්තේ ලෙසියටයි.ඉන් පසු තමාගේ ලැප්ටොප් පරිඝණක හා අනෙකුත් ඇයගේ පෞද්ගලික පරිහරන සියල්ල කුඩා බෑගයට දමාගත් ඇය සියල්ල දුදානම් කර අවසන් කරගත්තේ පහන් කුටියට පැමිනෙනා විටයි.
ඔක්කොම ලැස්තිද…..
ඔව් චූටි අයියා….
හ්ම්……ඔතනින් වාඩි වෙනවකෝ….මට තමුසෙත් එක්ක කතා කරන්නෝනේ…..
කියමින් ඔහු සොපා අසුනේ අසුන් ගත්තේ ඇයට අනෙක් අසුන පෙන්වනා ගමන්ය.මදක් ඔහු දෙස බලා හිද ඇයද අසුන් ගත්තේ කුමක් පවසයිද නොදැනයි.
මම කියන ටික හොදට ඔලුවට දාගන්නවා…මේවගෙන් එකක් හරි තමුන් කැඩුවොත් එදාට තමුන්ගෙයි මගෙයි අතර කිසි සම්බන්දයක් නෑ…..
දැනටත් නෑනේ…..
කියමින් ඇය මිමිනුවේ ඔහුගේ සවනට එය ඇසෙනා විටයි.
මොකක්ද කිව්වේ……
න්.නෑ නෑ චූටි අයියා.මොකුත් නෑ.මොකක්ද කියන්න ඕනේ කිව්වේ….
ම්ම්…..මමයි තමුනුයි මැරීඩ් කියලා කවුරුත් දැනගන්න බෑ….. වෙනදා වගේන කොලේජ් එක ඇතුලේ තමුනුයි මායි එකිනෙකාට දන්නේ නෑ.ගෙදර එනකල්ම ඒක එහෙමයි.කොලෙජ් එකට ගෙදර ඉදන් විනාඩි දහයයි.කොලේජ් බස් එකේ යන්න එන්න පුලුවන් තමුන්ට….ඒ වගේම මූලිකත්වේ දෙන්න ඕනේ ඉගෙනීමට….. මේවා කවුරුවත් දැනගන්න බෑ….ඒ වගේම තමුන්ගේ අර නැට්ටවල් දෙකටවත් කියන්න බෑ…..තේරුනාද……
තේරුනා…..ඒත් නැට්ටවල් කිව්වේ කාටද…..
අනේ මන්දා ඕයී….තමුසේ කන්නේ බත්ද නැත්තම් වෙන මොනව හරිද…… නැට්ටවල් කිව්වේ අර කොලේජ් ඒකේදි තමුසෙගේ පස්සෙන් වැටිලා ඉන්නේ බෙස්ටියෝද මොකුන්ද කියන්නේ උන් දෙන්නට……..
හා ඉතිං….කෑ ගහන්න ඕනේ නෑනේ….. ඔයාගේ වචන මාලාව මගේ ලග නෑනේ…..
මොකක්….වචන මාලාව…… අනේ මන්දා ඕයි….. තමුසෙත් එක්ක මම කොහොම ඉන්නද කියලා…. කෑම කාලා ලැස්ති වෙනවා…මම මේ ටික වාහනේට දාන්නම්….. රෑ වෙන්න කලින් යන්න ඕනේ….හෙට කොලේජ් යන්නත් එපැයි…..
හා අයියා…..
කියමින් ඇය පහත මාලයට පිවිසියේය.දිවා ආහාරද රැගත් දෙපල සූදානම් වූවේ නුවර යාම සදහායි.පූජානි මෙන්ම සරත් දෑසේ කදුලු පුරවා ගනිමින් බලා සිටියේ ඔව්න් සුදානම් වී පහත මාලයට පිවිසෙනා විටයි.මව් පියන් තිදෙනාටම වැද ආශිර්වාද ලබා ගත් පහන් හා නම්දි රථයට නැගුනේ සියලු දෙනාගෙන්ම සමු ගමිනි.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අදින් පසුව තමයි කතාව පටන් ගන්නේ ඈ….. තනියම ඉන්නකොට දෙන්නා කෙහෙවලු පටලගන්න විදිහ බලන්නයි තියෙන්නේ….😁😁😁
එහෙනම් කතාව කියවන සියලු දෙනාට ජය වේවා….🤭🤭
☠️ අනවසරයෙන් උපුටා ගැණීම තහනම් ☠️
කතාව #ඉෂාරීකෞෂල්යා

0 Wishlist
My account