THINGS WE LEFT BEHIND

ප්‍රොෆෙසර් හබී – පස්වන කොටස

පහන් සිය මෝටර් රථය වාහන අංගනයෙන් නතර කලේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කුටියට අඩි තබමිනි.තමාගේ සියලුම රහස් හොදින්ම දන්නා හොදම මිතුරා වෙත ඔහු පියමැන්නේ සිතේ ඇති බර මදක් හෝ සමනය කරගැනීමට සිතමිනි.

වෛද්‍ය කුටිය ද්වාරයට තට්ටු කරමින් ඔහු ඇතුලු වූවේ ඔහුගේ මිතුරා වන කනිශ්ක සුපුරුදු අසුනේ අසුන් ගෙන ද්වාරය දෙස බලා හිදින විටයි.

අම්මට සිරි මනමාලයා…….කොහොමද ඉතිං….. සුබ උදෑසනක් පැතුවා……

එසේම වේවා….අද තනියමද….නර්ස් නංගි නෑ……

නෑ බං…අද ලීව්…..ඉතිං මොකො වෙන්නේ….. වාඩි වෙයන්කෝ….

ඉන්නවා බං…මොනා වෙන්නද…..

උබ මොකො උදේ පාන්දර මේහෙට සේන්දු උනේ…. හනීමූන් ට්‍රිප් එක ගියානම් එහේ ඉන්න එපැයි…..

මගුලක් කතා කරන්න එපා බං….උබ හොදටම දන්නවා මම ඉන්න සිටුවේෂන් එකත් එක්ක මෙහෙම ඉන්න එක පවා රිස්කි කියලා…..

හ්ම්…..මම ඒක දන්නවා බං……ඒත් මේකේ තියන අවධානම දැන දැනම උබ කෙල්ලව මැරි කරපු එක තමයි මට හිතාගන්න බැරි….

ඒක හදිස්සියේ බං උනේ…මාමට කැන්සර් එකක්….. ෆොර්ත් ස්ටේජ් එකේ තියෙන්නේ….තව මාස තුන හතරක විතර කාලයක් විතරයි එයාට තියෙන්නේ…. ඉතිං මේ වගේ වෙලාවක මගේ කෙල්ලව බාරගනින් පුතේ කිව්වහම මම කොහොමද යකෝ අහක බලාගෙන ඉන්නේ….අනික ගෙදර කවුරුත් මේ ගැන දන්නෙ නැති එකේ මම කොහොමද කියන්නේ බදින්න බැරි හේතුව….නමූට මම ආදරේ කරනවා කියන එකවත් කියාගන්න බැරුව මම හිටියේ මේ ජොබ් එක නිසා….ඒක මට වැඩිය හොදට උබ දන්නවා…..

ඉබ්බා දියේ දැම්මහම දැන්නෑවේ කිව්වලු…ඒ උනාට පුතෝ මේ කේස් එක ඉක්මනට විසදලා කෙල්ලට ආදරෙයි කියපන්….ඔය ජොබ් එකෙන් අයින් වෙයන්…මේ රස්සාව උබට තියෙනවනේ…….

මාත් ඒකම තමයි බන් හිතුවේ…බලමූ…….

හ්ම්…..කෙල්ලට සැර කරන එක අඩු කරපන් පුතෝ….ඊට පස්සේ බැන්දා නැතා කියලා නොබලා යාවි යන්න….උබ දන්නවනේ කෙල්ලගේ හැටි…..

හ්ම්….දන්නවා….ඒත් කොහොමද බං එහෙම නොකර ඉන්නේ…..ඇට්ටරකම කොහොමද කියලා දන්නවා නේද…..

අනේ මන්දා…..උබේ ඔය නපුරුකම නිසා හොදම එකෙන් කෙලවගන්න හදන්නේ…..

හරි හරි….මම යනවා…ලන්ච් එකේ සෙට් වෙමු…

කියමින් පහන් අසුනෙන් නැගිට ගත්තේ තවත් මොහොතක් හෝ මෙතන රැදුනහොත් තම මිතුරාගේ සුපුරුදු වචන මාලාවෙන් දෙසවන් පුරවාගත හැකි බව දන්නා නිසාමය.

තමාට වෙන් වූ කුටියට පිවිසි පහන් සිය පොත්පත් කිහිපය දෑතට ගනිමින් පිටවූවේ දේශන ශාලාව වෙතටයි.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

උදෑසන ගෙවෙමින් පැවතින.වෛද්‍ය පරික්ෂණාගාරයෙන් පිටතට පැමිනි නම්දි ඇතුලු පිරිස ඉක්මනින් දේශන ශාලාව තුලට ඇතුලු වි තම තමන්ගේ අසුන් පිලිවෙලින් අසුන් ගත්තේ මිලගට ඇත්තේ පහන්ගේ දේශනය බැවිනි.

නම්දි සමගින් කවීෂා හා සකුනි අසුන්ගෙන සිටියේ දේශන ශාලාවේ මැදපෙලට වන්නටයි.පහන් කෙතෙක් පැවසූවද ඇය කිසිදා පලමු පෙලට නොපැමිනියේ පොසත්යැයි හා ඉගෙනීමට දක්ෂයි යන්න සිතාගෙන ජිවත් වන පිරිසක් ඉදිරිපස ආක්‍රමණය කරගනිමින් සිටි නිසාවෙනි.

තමා මිල මුදලින් කෙතෙක් පොහොසත් වූවත් ඉගෙනුමට කෙතෙක් දක්ෂතා දැක්වූවත් නම්දි එය කිසිදා ප්‍රදර්ශනය කිරීමට නොගියේය.ඇය එයට කැමත්තක් දැක්ක්වූවේද නැත.ඉදිපෙල අසුනේ ඇත්තවුන් ඇය කිසිදා ගනනකට හෝ නොගත්තේය.ඇය ඔවුන්ට කැමතිද නැත.නමුත් පහන් සිතා සිටියේ නම්දි මැදපෙලට වී සිටින්නේ දගකාරකම් සදහා ලෙහෙසියට යනුවෙනි.

නමුවා…..අර බලපන්කෝ අරකී……

කවුද සකූ…..

අර අර වගීෂා කියන එකී…..

ඉතිං මොකද……

ඒකි එන්න එන්න ඕනවට වැඩි ඈ…..පහන් සර් එන්න කලින් මාර විදිහට හැඩ වෙන්නේ….අර බලපන් දැනුත් ලිෆ්ටික් උලනවනේ තොල උල් කර කර….ඊයා නිකන් චිම්පන්සියෙක් වගේ…….

ඉතිං මොකද බං…..මකරරාක්ෂයට සෙට් වෙනෙවනම් මම ගානේ කසාදේ කරලා දෙනවා….

නමූ…….

එතකොටවත් ඔය මකරා හැදෙයිනේ බං……මේකිගේ මෙකප් වලටම වියදන් කරලා පොරගේ රැස් බහියි…..

කියමින් යුවතියන් තිදෙනා සිනහා වූවේ පහන් දේශන ශාලාවට ඇතුලත් වන විටයි.දේශන ශාලාව වටා දෑස් ගෙන ගිය ඔහු අවසානයේ දෑස් නතර කලේ තම පුංචි බිරිද අසලයි.

අම්මට සිරි…..නමුවා…..උබ දිහා බලන් ඉන්නේ…..ආල හිතක් පහල වෙලාද මන්දා…..

කියමින් කවිශා යුවතියට ඔහුව පෙන්වූවේ රහසින් වදන් තෙපලමිනි.ඇයද ඔහු දෙස එක්වරම බලා දෑස් බිමට බරකරගත්තේ ක්ෂනිකවයි.

පහන් සෙමෙන් දේශනය පටන් ගත්තේ දේශන ශාලාවේ සිටි යුවතියන්ගෙන් අඩකට වැඩි පිරිසක් ඔහුට වශීවී බලා හිදිනා විටයි.කඩවසම් මුහුන,ඝනව වැවී ඇති ඇහිබැමි,කාල වර්න නෙතු,දිගටි නාසය,මනාව පාලනය කල රැව්ල,ඉහලට එසවී ඇති හිසකෙස්,මනාව පාලනය කල කය,දුඹුරු පැහැ සම ඔහු සැබවිනම කඩවසම් කලේය.විශ්ව විද්‍යාලයේ ඔහු තරම් කඩවසම් දේශකයෙන් නොවුන තරම් විය.ඉදින් තරුනියන්ගේ ආකර්ෂණය ඔහුට ලැබුනේ නිතැතින්මය.

නම්දි දේශනයට සවන් දෙමින් අත්‍යවශ්‍ය කොටස් තම පොතේ ලියාගනිමින් සිටියත් සකුනි ඇයට කතා කලේ එයට බාදා කරමිනි.

නමුවෝ….මේ එහාපැත්තේ ඉන්න එකී ඇයි බන් මකරා දිහා කන්න වගේ බලන් ඉන්නේ…….

වශි වෙලා වෙන්න ඇති…..

ඇයි බන් අපි වශි වෙන්නැත්තේ…….

පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑනේ ඒකයි…..

සිරාවට…..

හ්ම්….ඔව්…..

යුවතියන් දෙදෙනාගේ රහස් සාකච්ඡාව පහන්ගේ නෙත ගැටුනේ නිතැතින්මය.ඔහුගේ උස් හඩ යුවතියන් දෙදෙනාගේ සම්පූර්ණ අවදානය දිනා ගන්නට සමත් විය.

ඔය මැද පේලියේ ඉන්න ලමයා……

නම්දි තමාවදැයි සන් කලේ කෙල පිඩක් උගුරෙන් පහලට යවනා ගමනි.

ඔව් ඔව්….තමුන් තමයි….නැගිටිනවා…..

යුවතිය නැගිට ගත්තේ “අද ඉවරයි නමුවා”යි සිතමිනි.

මම මෙතන ලෙක්ච එක දෙද්දි….තමුන් ඔතන වෙනම ලෙක්ච එකක් දෙනවද…..

අසමින් තම අතරැදි පුස්තකය මේසය මත තැබු ඔහු ගුරු මේසයට හේත්තු වූවේ ඇය දෙස නපුරු බැල්මක් තබමිනි.

අම්මාලා තාත්තලා දුක් මහන්සියෙන් කන්න බොන්න අදින්න දිලා මෙතනට එවන්නේ තමුන්ට කතා කර කර ඉන්නද අයිසේ…..ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු හැබෑ කරන්න ඔනේ කියලා ඔය මැටි මොලේට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද ආ…… කොහේ තෙරෙන්නද…..හැමදේම අතට පයට කරලා දෙනකොට…..ලෙක්චර් එක ඉවර වෙනකල් හිටගෙන ඉන්නවා……

කියමින් ඔහු පුස්තකය තම දෑතට ගත්තේ ඇය කිසිවක් නොකියා සිටගෙන සිටිනා විටයි.සකුනි ඇයගේ අතින් අල්ලා සමාව ගත්තත් ඇය එය එයට කමක් නෑයි සන් කර දේශනයට සවන් දුන්නද ඉදිරිපස පෙල සියලු දෙනා හැරෙමින් ඇයට සිනහා වන්නේ ඇගේ කෝපය නංවමිනි.

මේ මකරා නොහිටින්න මම දනී මේ නැට්ටිච්චියොනට කරන දේ……හිටපංකෝ මටත් වාරයක් ඒවිනේ…..එදාට මම කව්ද කියලා පෙන්නෙන්නම්….

යැයි සිතමින් ඇය සම්පූර්ණ දේශනයම අවසන් වන තුරාවට පැය දෙකක් සිටි ඉරියව්වෙන්ම සිටියේ දෙපාද වේදනා දෙන විටයි.එහෙත් ඇගේ දෙපා වේදනා දේවි යැයි මදකටවත් නොසිතූ ඔහු දේශනය අවසන් කර ශාලාවෙන් පිටව ගියේ ඇය දෙස මදක් හෝ නොබලමිනි.

ඔහු ශාලාවෙන් පිටවන තුරු බලා හිදි යුවතිය අසුන් ගත්තේ දෙපා වේදනාවෙන් ඇදුම් කන විටයි.

ඕකට බත් එකට වහ ටිකක් දාලා දුන්නත් මේ වේදනාව අඩු වෙන්නේ නැති වෙයි.හිටපන්කෝ අද ගෙදර ගියහම මම කරන්නම් ඔය මකරට මතක හිටින පාඩමක්….එනවා මෙතන මට පාඩම් උගන්නන්න…..

යනුවෙන් ඇය සිතුවේ සකුනි හා කවිෂා දිවා ආහාරයට යෑමට කතා කරනා විටයි.

නමූ…..යමන් කන්න….බඩගිනියි ලෙසටම….

උබලා දෙන්නා යමල්ලකෝ….මම ටිකකින් එන්නම්……

එහෙම බෑනේ…..යමන් බන්…..

කකුල රිදෙනවා යකූ…මම එන්නම්….ඔයාලා යන්නකෝ……

හරි…..ඔය වේදනාව අඩු උනහම අපි යන්…එතකල් ඉන්නම්….

කියමින් දෙපිතුරියෝ ඇය අසලින් අසුන් ගත්තේ වගීෂා සමගින් ඇගේ මිතුරියන් කිහිප දෙනා ඔවු සිටි දෙසට පැමිනෙනා විටයි.

අර හොන්තුව මොකද බන් මෙහෙට එන්නේ……

දන්නෑනේ……

සකුනි හා කවිශා රහසින් කතා කලේ වගීෂා ඇතුලු පිරිස ඔව්න් ඉදිරියේ සිටගන්නා විටයි.

ඒයි චීප් කෙල්ල……

කාටද තමුන් චීප් කෙල්ල කිව්වේ ආ…..

කියමින් සකුනි වේගයෙන් අසුනින් නැගිට ගත්තේ නම්දි ඒ දෙස පුදුමයෙන් බලනා විටයි.

ඌව්…..බලන්නකෝ ෆ්‍රෙන්ඩ්ස්…..චිප් කෙල්ල කිව්වේ එක්කෙනෙක්ට….රිදෙන්නේ තව කෙනෙකුට…..

වගීෂා අදීමින් බොරු පොෂ් ගතියක් මවාපාමින් කතා කලේ ඇයගේ පසුපසින් වූ මිතුරියන් සිනාසෙන විටයි.

එනිවේයි…..මේක හොදට මෙමරි එකට දාගන්නවා…. පහන් සර් ආවහම එයාව කේන්ති ගස්සන්න එපා….මොකද එයාගේ ලෙවල් එකට තමුන් වගේ චිප් කෙල්ලෝන්ට කෑ ගහන්න හොද නෑ….අන්ඩස්ටෑන්ඩ්……

අනේ මේ වගීෂා….මම දන්නෑනේ පහන් සර්ගේ ලෙවල් එක මොකක්ද කියලා…..මට පොඩ්ඩක් කියලා දෙනවද…..

කියමින් නම්දී අසුනින් නැගී සිටියේ කවිශාද අසුනින් නැගී සිටින විටයි.

ඒක මම කින්න ඕනේ නෑ චීප් කෙල්ල….. හෙට අනිද්දම ඔයාට ඒක තේරෙවී…..වෙයිට් ඇන්ඩ් සී ආ…..

හාකෝ……අපිත් බලාගෙන ඉන්නම්කෝ….මොකද අපිත් මේකෙමනේ ඉන්නේ…..තේරුනාට ඇටකිච්චිට…..

කියමින් කවිශා කෑ ගැසුවේ වගීෂා දෙසට ඇගිල්ලක්ද උරුක් කරමිනි.

අනිත් එක….චීප් කෙල්ල චීප් කෙල්ල ගාගෙන එන්නෙපා හරිද…..තමුසේ තරම් චීප් ගෑනියෙක් මේ තුන් ලෝකෙම නැතුව ඇති….

කියමින් සකුනිද කෑ ගැසුවේ වගීෂා මදක් පසු බසිනා විටයි.

හොදයි බලාගමු…..හෙට අනිද්දා වෙනකොට තමුන්ලට අඩාගෙන යන්න වෙන්නේ මේ කොලෙජ් එකෙන්…..අන්න ඒක දැනගන්නවා…..

කියමින් වගීෂා ආපසු හැරුනේ ද්වාරය අසල සිට රත් වූ දෑසින් ඔවුන් දෙස බලා හිදින පුගලයා දැක දෑස් ගැස්සෙනා විටයි.

🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷
🌷

කවුද දන්නෑ දොර ලග හිටියේ අප්පා….😒😒

හෙට හමුවෙමු….😌😌

☠️ අනවසරයෙන් උපුටා ගැණීම තහනම් ☠️

කතාව #ඉෂාරීකෞෂල්යා

0 Wishlist
My account